Thursday, April 25, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරුන්ට කාර්යයන් බෙදාදීමෙන් රාජකාරි කටයුතු පහසු කරගන්න පුළුවන්

ළහිරු කපුගේ




රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට බලය ලබා දීමෙන් විෂයභාර අමාත්‍යවරුන්ගේ කාර්යන් ඉටු කිරීම වඩාත් පහසු වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. 


පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම දිවුරුම් දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. 


දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම, පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණා.