Wednesday, April 24, 2024

General line - 0115112241

UNP හලාවත සම සංවිධායක නිදහස් පක්ෂයට

ජුඩ් සමන්ත - පුත්තලම




හලාවත ආසනයේ එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ

හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු අද (15)  වැනිදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

සාමාජිකත්වය ලබා ගත්තා.

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

සංවිධායක නියෝමාල් පෙරේරාගේ නිවසේ පැවති රැස්වීමකදී හිලරි

ප්‍රසන්න ප්‍රනාන්දුගේ පක්ෂ මාරුව සිදුවුණා.

 

හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු සමග එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40

දෙනෙකුට වැඩි පිරිසක්ද මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්

වුණා.

 

හිලරි ප්‍රසන්නප්‍රනාන්දු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික

පක්ෂයෙන් තරග කළා. 

එහිදී හෙතෙම මනාප ඡන්ද 26,000 කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වුණා.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හලාවත නගර සභාවට තරග කළ

හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු අවස්ථා දෙකකදී හලාවත නගර සභාවේ සභාපති ධූරය

දැරුවා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හෙතෙම එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.

 

හලාවත නගර සභාවට තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ

නායකත්වය මෙන්ම නගරාධිපති අපේක්ෂක ධූරය ද හිටපු නියෝජ්‍ය ඇමති

නියෝමාල් පෙරේරා විසින් හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු වෙත ලබා දෙනු ලැබුවා.