Wednesday, April 17, 2024

General line - 0115112241

අප්‍රේල් දක්වා අඛණ්ඩව සහන මල්ල ලබාදීමට සූදානමක්




ජීවන වියදම පහත හෙලීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ 8ක් ඇතුළත් සහන මල්ල ලබන අප්‍රේල් මාසය වන තෙක් අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 
සහල්, පරිප්පු, අල, ළුනු, සීනි, මාල්මැස්සන් සහ ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් වන පරිදී එම සහන මල්ල උත්සව සමයේදී ජනතාවවට සහනයක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ගම්පහ, ප්‍රධාන බස් නැවතුම්පළ විවෘත කිරීමේ උත්සවයට අද (15)  එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සතොස සහ පෞද්ගලික සුපිරි වෙළඳසැල් ජාලය හරහා මෙම සහන මල්ල පාරිභෝගිකයන් වෙත මිලදී ගැනීමට අවස්ථාව සළසන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
උත්සව සමයේදී ජනතාවට සහන ලබා දීම සඳහා පළමුවරට පෞද්ගලික අංශයේ ඛෙදා හැරීමේ යාන්ත්‍රණයද යොදා ගැනීමට රජය තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 8ක් ඇතුළත් සහන මල්ලක් ලබා දීම ලබන අප්‍රේල් මාසය වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.