Friday, March 29, 2024

General line - 0115112241

ජාවා දූපතේ භූ කම්පනයක්

බී.බී.සී ඇසුරෙන්




ඉන්දුනේසියාවේ ජාවා දූපත ආශ්‍රිතව අද (16) අළුයම් කාලයේ ප්‍රබල භු කම්පනයක්  ඇති වු බව විදෙස් වාර්තා පවසනවා.

රික්ටර් පරිමානයේ 6.5ක් ලෙස මෙය සටහන් වී තිබෙන බවයි අමෙරිකානු භූ චලන නික්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ.

මෙම කම්පනය ඇති වීමත් සමග එහි සුනාමි අනතුරු අඟවා ඇති බව ද සඳහන්.

ජාවා සහ සුමත්‍රා දූපත්වලට බටහිරින් වූ මුහුදු පතුලේ කිලෝ මීටර 91 ගැඹුරින් මෙම කම්පනට හට ගෙන ඇති බවයි එම මධස්ථානය කියා සිටියේ.

විනාඩි 20ක පමණ කාලයක් කම්පනය දැනී ඇති බවද වාර්තා වනවා.

මෙහිදී ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.