Friday, April 19, 2024

General line - 0115112241

ජනතාවට දරාගත නොහැකි තරමට බඩු මිල වැඩිවුණ හේතුව අගමැති කියයි




බඩු මිල වැඩි වී ඇත්තේ ආණ්ඩුවේ වරදකින් නොව දේශගුණික බලපෑම් නිසා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ වෙතත් සිදුව ඇති බඩු මිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බව ආණ්ඩුව තේරුම්ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07ක් ලබන වසරේ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද දක්වා සහන මිලට ලබාදීමට ආණ්ඩුව තීරණය කළේ ද ඒ අනුව බව අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ නිවිතිගල නව බස් නැවතුම්පොළ සහ සතිපොළ විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයකදීයි.