Tuesday, April 16, 2024

General line - 0115112241

හිටපු සන්ධාන මන්ත්‍රීවරු හොරකම් කළා! එ.ජා.ප යට දළඳා සමිඳු පිහිටයි




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් බොහෝදෙනෙකු මහජන සුභසාධනයට සහ ප‍්‍රාදේශීය සංවර්ධනයට වෙන් කළ මුදල් හොරකම් කළ බව එම සන්ධානයේම සාමාජිකයෙකු අද (16) හෙළි කළා.  ඒ, අමාත්‍ය එස් බී දිසානායකයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් බොහෝදෙනෙකු මේ වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටිනවා. ඒ පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි අමාත්‍ය එස් බී දිසානායක මෙම හෙළි කිරීම කළේ. 

"අපේ පහුගිය කාලේ හිටපු මන්ත්‍රීවරුන්ට අපි කෝටි හත අට දහය දුන්නා ව්‍යාපෘති වලට. ප්‍රාදේශීය සංවර්ධනයට කියල. අපේ පක්ෂය, අපි පිළිගන්න ඕන වරදක් ඒක. ගොඩක් දෙනෙක් ඒවයින් හොරකම් කළා. ගම්වල උදවිය ඒව දන්නව. ඒ අය නැති එක අපිට වාසියක්." යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.  

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දළඳා සමිඳුන්ගේ ද පිහිට ලැබෙනු ඇති බවයි. අද දහවල් මහනුවර දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවා.