Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලනිපය සහ ඒකාබද්ධයේ දීගය ගැන කතා බහ තමන් රවටා ගැනීමක්

ඩිල්ෂාන් මඩවල




එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් බිහි කිරීමට හැකියාව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය කරන ප‍්‍රකාශය තමන් විසින් තමන්ම රවටා ගැනීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි 02කට එකඟ වන්නේ නම් එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ඔවුන් සමග එක්ව භාරකාර ආණ්ඩුවක් බිහිකළ හැකි බවයි ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කර ඇත්තේ.

ඇතැම් මාධ්‍ය මෙම ප‍්‍රකාශය අද වාර්තා කර ඇති අතර නෙත් නිවුස් කළ විමසීමක දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම ඊට ප‍්‍රතිචාර දක්වමින් ඒ බව කියා සිටියා. ඒකාබද්ධ විපක්ෂය උත්සහ දරන්නේ කුමන හෝ ක‍්‍රමයකින් ආණ්ඩු බලය ලබාගැනීමට වුවත් එය සැබෑ නොවන සිහිනයක් බවද අජිත් මාන්නප්පෙරුම මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවට කෙරුණු ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ ද මීට පෙර කියා සිටියා.