Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ඇතැම් තීරණ කාලාපීය ආරක්ෂවට ප්‍රශ්නයක් - හම්බන්තොට චීනයට දුන්නාට ඉන්දියාවෙන් තරවටුවක්

ඩිල්ෂාන් මඩවල




තීරණ ගැනීමේ දී ශ‍්‍රී ලංකාව කලාපයීය ආරක්ෂාව පිළිබඳව ද වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ඉන්දියාව පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ ශ‍්‍රී ලංකාව ගනු ලබන ඇතැම් තීරණ කලාපීය වශයෙන් ද බලපෑම් ඇති කළ හැකි බවයි. 
හම්බන්තොට වරාය වසර 99ක බද්දක් යටතේ චීනයට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් කළා. ඉහත අදහස් පළ කෙරුණේ ඊට ප‍්‍රතිචාර වශයෙන්. 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා 03 වන පාර්ශවයක් නිසා කිසිසේත් වෙනස් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේ වෙතත් ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑම් ඇතිවිය හැකි කරුණු පිළිබ`ද ශ‍්‍රී ලංකාව සම`ග මිතුරෙකු ලෙස අදහස් හුවමාරු කර ගන්නා බවයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.