Friday, April 19, 2024

General line - 0115112241

පැය 4ට 1281ක් පොලිස් කූඩුවට




අද අලූයම 01 සිට 05 දක්වා රටපුරා කෙරුණු විශේෂ මෙහෙයුමක දී විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 722 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 559 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගැණුනා. නීති විරෝධි ගිනි අවි 06ක් ද එහිදී සොයාගෙන තිබෙනවා. 

මීට අමතරව විෂ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මධ්‍යසාර පිළිබඳ වැටලීම් 586ක් ද මෙම මෙහෙයුමේ දී සිදු කෙරුණු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ගංජා කිලෝග‍්‍රෑම් 09කට ආසන්න ප‍්‍රමාණයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 25කට ආසන්න ප‍්‍රමාණයක් එහිදී සොයාගෙන ගැණුනා. නීති විරෝධි මධ්‍යසාර ද ලීටර් 25,000කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. 

පොලිස් නිලධාරීන් 14,706 දෙනෙකු මෙම මෙහෙයුම සඳහා යොදවා ගැණුනා. පොලිස් නිල සුනඛයින් 10 දෙනෙකු ද ඒ සඳහා යොදවා ගැණුනු බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.