Thursday, April 25, 2024

General line - 0115112241

කලට වේලාවට පොහොර නැහැ! මහවැලි ජලයත් පමා කරලා




කලට වේලාවට පොහොර නොලැබීමෙන් රටපුරා ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. ඒ පිළිබඳ කළ විමසීමකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ පොහොර මිලදී ගැනීම සඳහා වන මුදල් ද මේ දක්වා ලැබී නොමැති බවයි.

රට තුළ ඇති පොහොර හිගය කෘත‍්‍රීමව මවා පෑ එකක් බවද ඔහු මෙහිදී පැවසුවා. 

මහවැලි කලාපවල වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ද ආණ්ඩුව මේ වනවිට හිතාමතා ප‍්‍රමාද කර ඇතැයි මෙහිදී චෝදනාවක් කෙරුණා.