Thursday, April 25, 2024

General line - 0115112241

ජවිපෙ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික සමුළුව කොළඹදී අද




ජනතා විමුක්ති පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණයට තරග වදින සියලූ අපේක්ෂකයින් අද කොළඹට කැඳවා තිබෙනවා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ ජාතික සමුළුව සඳහායි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසන්නේ පළාත් පාලන අපේක්ෂකයෙක් විදියට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මෙහිදී ඔවුන් දැනුවත් කරන බවයි. ඒමෙන්ම සියළුම අපේක්ෂකයින් පිළිපැදිය යුතු ආචාරධර්ම පිළිබඳව ප්‍රතිඥාවක්ද මෙහිදී ලබා දෙනු ඇති


ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ මෙම සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පෙරවරු 9.30ට ආරම්භ කිරීමට නියමිතයි.