Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරි දින කිහිපයේදී වැසි




ඊසාන දිග මෝසම ඉදිරි දින කිහිපය තුළ ශ‍්‍රී ලංකාව හරහා ස්ථාපිත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද දිනයේත් වැසි ලැබිය හැකි බවයි කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

බොහෝ මුහුදු ප‍්‍රදේශවල අද තද සුළං ඇති විය හැකි බවද ඉන් පැවසෙනවා. ඒ අනුව ත‍්‍රිකුණාමලයේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
ශ‍්‍රී

ලංකාවට නි්රිතදිගින් වන මුහුදු ප‍්‍රදේශවල සවස 2න් පසු වැසි ඇති විය හැකි බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.