Friday, April 19, 2024

General line - 0115112241

උතුරේ ඉඩම් ප්‍රශ්න විසඳන්න කැඳවූ සාකච්ඡාවට නිලධාරීන් ඇවිත් නැහැ




උතුරේ ඉඩම් ආරවුල් පිළිබඳව පියවර ගැනීම සඳහා කැඳවා තිබූ සාකච්ඡාවක් නිලධාරීන් නොමැතිවීම නිසා අසාර්ථක වී තිබෙනවා. උතුරු පළාතේ ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ වනජීවි නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙනුයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂවරන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණා. මේ පිළිබඳව කළ විමසීමකදී උතුරු පළාතේ බොහෝ ප‍්‍රාදේශීය ලේකම්වරුන් පවසා ඇත්තේ මෙවැනි සාකච්ඡාවක් කැඳවා ඇතැයි තමන් දැන නොසිටි බවයි.