Tuesday, March 19, 2024

General line - 0115112241

ඡන්ද පෙට්ටි සුද්ද කරයි (PHOTOS)

රොමේෂ් මධුෂංඛ




ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන වෙතට රැගෙන යන ඡන්ද පෙට්ටි සුද්ද පවිත්‍ර කිරීමක් අද (17) සිදු කෙරුණා.

ඒ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. එහි සේවකයින් විසින් මෙම පිරිසිදු කිරීම් සිදු කළා.

මේ අතර මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන හා නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විශේෂ සාකච්ඡාවක් ද අද වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා වව්නියාවේ පොලිස් ස්ථාන 13 ක්, ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ මැතිවරණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් එක්ව සිටියා.