Tuesday, April 23, 2024

General line - 0115112241

ටිකෙන් ටික ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ තරංගට ශතකය අභියස සිදුවූ අවාසනාව (PHOTOS)




ඉන්දියාව සමග මේ වන විට පැවැත්වෙන 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග ශතකය ආසන්නයේ අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ ලකුණු 95ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසුවීමෙන්.

උපුල් තරංග ඉනිම පුරා වේගවත් පිතිහරඹයක් නිරත වූ අතර 9 වන පන්දුවාරයේදී හර්දික් පාන්ඩයාට එරෙහිව පිටපිට හතරේ පහර 5 ක් එල්ල කරමින් ලකුණු 20 ක් රැස් කිරීමට සමත් වුණා.

මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 06ක් සහ අසේල ගුණරත්න ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටිනවා.

සදීර සමරවික‍්‍රම ලකුණු 42කට දැවී ගියා.   නිරෝෂන් දික්වැල්ල ලකුණු 08ක් ලබා සිටියදී දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 04ක් දැවී ලකුණු 169ක් ලබා සිටිනවා. ඒ පන්දුවාර 27ක් අවසානයේයි.

තරගය පැවැත්වෙන්නේ විශාඛාපට්නම් කී‍්‍රඩාංගණයේදීයි.

(මේ සම්බන්ධ අනෙක් පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න)