Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවේ කර්යබහුලම ගුවන් තොටුපළක හදිසියේ ඇති වූ තත්ත්වය (PHOTOS)




අමෙරිකාවේ ඇක්ලන්ටාහි පිහිටි ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන හාර්ට්ස්ෆීල්ඩ් ජැක්සන් ගුවන් තොටුපලේ කටයුතු හදිසියේ නතර වී තිබෙනවා.

ඒ, එහි විදුලි සැපයුම බිඳවැටීම හේතුවෙන්.

මේ හේතුවෙන් මගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් ගමන් බොහෝමයක් ප‍්‍රමාද වී තිබෙනවා. දෛනිකව මෙම ගුවන් තොටුපල භාවිත කරන මගීන් සංඛ්‍යාව දෙලක්ෂ 50,000කට අධිකයි. සිදුවන ගුවන් ගමන් සංඛ්‍යාව 2500ක්.