Wednesday, April 24, 2024

General line - 0115112241

අනාගතය ගැන සැකෙන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයා




බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් බිහි වූ තවත් සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකු වන ඞ්වේන් බ‍්‍රාවෝ සිය ක‍්‍රිකට් අනාගතය පිළිබඳ සැක පළ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් යළි කිසිඳු දිනෙක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක‍්‍රීඩා කරනු බොහෝදුරට දැකගත නොහැකි වනු ඇති බවයි.

34 හැවිරිදි තමන් යළි කණ්ඩායමට කැඳවීමක් සිදු නොකරනු ඇති බවද බ‍්‍රාවෝ පවසනවා. 2014 සිට ඔහු මේ දක්වා කොදෙව් එක්දින කණ්ඩායමට කැඳවූයේ නැහැ.

ඔහුට ජාතික කණ්ඩායම අහිමි වූ ටෙස්ට් වසර සංඛ්‍යාව 07ක්. පන්දුවාර 20 ලීග් ක‍්‍රිකට් පිටියේ වර්තමානයේ සිටින දක්ෂ ක‍්‍රීඩකයෙකු ලෙසටයි ඞ්වේන් බ‍්‍රාවෝ සැලකෙන්නේ.