Wednesday, April 24, 2024

General line - 0115112241

ඊයේ තරගයෙන් පසු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසය ලියවුණු හැටි




එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් වසරක් තුළ වාර්තා කළ අඩුම ජය පරාජ අනුපාතය සහිත ලොව දෙවන කණ්ඩායම බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග ඊයේ (17) පැවති 03 වන එක්දින තරගය ද පාරාජයට පත්වීමත් සමගයි.

ශ‍්‍රී ලංකාව මේ වසරේ එක්දින තරග 29කට සහභාගී වී ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 05ක් පමණයි.

පරාජයට පත්වූ තරග සංඛ්‍යාව 23ක්.

එහි ජය පරාජ අනුපාතය බින්දුවයි දශම දෙකයි එකයි හතක් (0.217) වනවා. ලොව අඩුම ජය පරාජ අනුපාතය සහිත කණ්ඩායම බවට පත්ව ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඒ, 2004 වසරේදීයි. 

මේ අතර මේ වසරේ අඩුම ජය පරාජ අනුපාතය සහිත කණ්ඩායම බවට පත්ව ඇත්තේ ද ශ‍්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂත්වයක්.