Friday, March 29, 2024

General line - 0115112241

දුම්රියක් පීළි පැන මැදිරි අධිවේගී මාර්ගයට කඩා වැටිලා - මෝටර් රථ දුම්රිය මැදිරිවලට යටවෙයි (VIDEO)




අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී දුම්රිය මැදිරි දෙකක් අධිවේගී මාර්ගයක් මතට කඩා වැටී තිබෙනවා.

බීබීසී ලෝක සේවය පැවසුවේ දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි දෙකක් පහතින් පිහිටි අධිවේගී මාර්ගය මතට කඩා වැටී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබෙනවා. පුද්ගලයින් 77 දෙනෙකුද අනතුරෙන් තුවාල ලබා ඇති බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ.

අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථ කිහිපයක් දුම්රිය මැදිරිවලට යටවී තිබෙනවා.

පෝර්ට්ලන්ඞ් සහ සියැටල් අතර ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය අනතුරට පත්ව ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 7.30 ට පමණයි.

දුම්රිය අනතුරට පත්වීමට පෙර පැයට කිලෝමීටර් 130 ක පමණ වේගයකින් ධාවනය කර ඇති බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ.