Saturday, April 20, 2024

General line - 0115112241

කායවර්ධන සම්මේලනය උදව් ඉල්ලයි

කසුන් කැලුම්




අනුග‍්‍රහයකයන් නොමැතී වීම හේතුවෙන් මෙවර මිස්ටර් ශී‍්‍ර ලංකා තරගය සාර්ථකව පැවැත්වීමට අසීරු වී ඇතැයි ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනය පවසනවා.

ලබන 23 වැනිදා මෙය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මීගමුව ආවේ මරියා කන්‍යාරාම ශ‍්‍රවණාගාරයේදීයි.

සිය සම්මේලනය මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇති බවයි එම සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

මිස්ටර් ශී‍්‍ර ලංකා තරගය සාර්ථක කර ගැනීමට අනුග‍්‍රහකයින් ඉදිරිපත් වන්නේ නම් කායවර්ධන කි‍්‍රඩාව ඉදිරියට ගෙන යාමට රුකුලක් වනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.