Thursday, April 25, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය රජ ගෙදර මගුලට දෙවන මනාළිය වන ඉන්දීය සුපිරි නිළිය

වෙස්ට් බ්‍රිටන් පුවත්පත ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යය 2018 වසරේ දී පැවැත්වීමට එරට රජ පවුල තීරණය කර ඇති බව පසුගියදා නිවේදනය කළා.

මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වුණේ 2016 වර්ෂයේ දීයි.

2018 වර්ෂයේ මැයි මස 19 වන දින හැරි කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යය සිදුකිරිමටයි දින නියම කර තිබෙන්නේ.

මෙම විවාහක මංගල්‍යයේ දෙවන මනාළිය ලෙස බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා තෝරාගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය රජ පවුල සඳහන් කර ඇත්තේ.

මේවන විට ප්‍රියංකා චොප්රාට බොලිවුඩයේ ඇති ප්‍රසිද්ධියට වඩා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වන්නේ හොලිවුඩ් සිනමා ලෝලීන්ගෙන්.

ඒ ඇය හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී දැනටමත් චිත්‍රපට කිහිපයකට සිය දායකත්වය ලබාදීම හේතුවෙන්.

හොලිවුඩ් සිනමා උළෙලකට සහභාගී වූ ප්‍රියංකා චොප්රා සහ මෙගාන් මර්කල් අතර ඇති වූ හිතුවත්කම දැනට ඔහුන් දෙදෙනා හොඳ යෙහෙළියන් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හිතවත්කම අනුව මෙගාන් මර්කල්ගේ විවාහක මංගල්‍යයේ දෙවන මනාලියවීමේ අවස්ථාව ප්‍රියංකා චොප්රාට හිමිව තිබෙනවා.

ප්‍රියංකා චොප්රා ද සිය යෙහෙළියගේ පෞද්ගලික කටයුතු සොයා බලා ඒ වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන බවයි බ්‍රිතාන්‍යයේ මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.