Saturday, April 20, 2024

General line - 0115112241

රටේ දෛනික ආදායම ගණනය කර ජනතාවට කියන නිසා වසරේ ආකර්ශනීය පුද්ගලයා ලැයිතුවේ දෙවන තැන හිමි අග්‍රාමාත්‍යවරයා (PHOTO)

ටොරොන්ටෝ ස්ටාර් පුවත්පත ඇසුරෙන්




2017 වර්ෂයේ ලොව ජනතාවගේ වඩාත් ආකර්ශනීය පුද්ගලයන් අතර දෙවන ස්ථානයට කැනඩාවේ අගමැති ජස්ටින් ඩෲඩෝ පත්ව තිබෙනවා.

ලිංකේලඩ් කෝපරේෂන් සමාගම විසින් සිදු කළ සමීක්ණයක දී මේ බව අනාවරණය වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කැනඩාවේ ජනතාවගේ දෛනික කටයුතු පෞද්ගලිකව සොයා බලා ඊට ප්‍රතිචාර දැක්වීම හා ගැටළු විසඳීම,  රටේ වත්මන් ආර්ථික තත්ත්වයන් හා දෛනික ආදායම අග්‍රාමාත්‍යවරයා විසින් ගණනය කර එය සිය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රටේ ජනතාවට දැනුම් දීම,  ජනතා සංවර්ධනයට කැපවීම යන අංශයන් කෙරෙහි ඩෲඩෝ විශාල වශයෙන් කැප කරන බවයි අනාවරණය වන්නේ.

එම නිසා ලොව වැසියන්ගේ ආකර්ශනය කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ඩෲඩෝ කෙරෙහි යොමු ඇති බවයි ලිංකේලඩ් කෝපරේෂන් සමාගම සිදුකළ සමීක්ෂණයේ දී හෙළිව ඇත්තේ.

2017 වර්ෂයේ ලොව ජනතාවගේ වඩාත් ආකර්ශනීය පුද්ගලයා බවට පත්ව ඇත්තේ ලෑන් බ්‍රැමර්.

ඔහු Eurasia group and GZero Media ආයතනයේ නිර්මාතෘ ද වනවා.

ලිංකේලඩ් කෝපරේෂන් සමාගමේ සමීක්ෂණයට අනුව 2017 වර්ෂයේ පළමු දස දෙනා අතරට කිසිඳු දේශපාලනඥයෙකු පත්ව නොමැත.

<