Thursday, April 18, 2024

General line - 0115112241

ඒලියන්ස් යුවතියක් සමග ඇතිවූ ඇසුරෙන් දරුවන් 100ක් බිහි කළ අයෙකු ගැන තොරතුරු මෙන්න (VIDEO)(PHOTOS)

ඩෙයිලි මේල් පුවත්පත ඇසුරෙන්




තමා ඒලියන්ස් යුවතියක් සමග විවාහ වු බවත් එම විවාහකයෙන් තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් අමෙරිකාවේ නිව් ජෙසි ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයෙකු පවසා තිබෙනවා.

නමින් ඩේවිඩ් හුවින් වන ඔහුට දැනට වයස අවුරුදු 79ක් වන බවයි ඩෙයිල් මේල් පුවත්පත සඳහන් කරන්නේ.

ඩෙයිල් මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.

තමන් ජොර්ජීයාවේ ජීවත් වූ බවත් එම අවස්ථාවේ දී තමන්ට වයස අවුරුදු 8ක් වූ බවත් ඔහු කියා සිටියා.

එම අවස්ථාවේ දී ඔහුට ඒලියන්ස් යුවතියක් සමග සම්බන්ධයක් ඇති වූ බවත් වයස අවුරුදු 17 දී ඇය සමග තමා ලිංගික සම්බන්ධතාවයක් පැවතු බවත් ඔහු ඩෙයිල් මේල් පුවත්පතට පවසා තිබෙනවා.

ඒ අනුව තමන්ට දරුවන් සිය දෙනෙකු බිහි වූ බවත් එම දරුවන් අදටත් එම ඒලියන්ස් යුවතියගේ රැකවරණයේ ජීවත් වන බවත් ඩේවිඩ් හුවින් පවසනවා.

ක්‍රිසන්ට් යනුවෙන් තමා එම ඒලියන්ස් කාන්තාව අමතන බවත් ඇය තමාව අභ්‍යවකාශයට අවස්ථා කිහිපයකදී රැගෙන ගිය බවත් ඔහු සඳහන් කළා.

එම කානත්ව හා තමන් ආ ගිය ස්ථාන මෙම පුද්ගලයා විසින් සිතුවම් කොට ඇති අතර එම සිතුවම් සියල්ල තමාගේ නිවසේ බිත්තිවල සවිකර ඇති බව ඩේවිඩ් හුවින් කියා සිටියා.

තමා පවසන සියල්ල සත්‍ය බවත් තමන් අතර සිදුවුයේ කුමක්ද කියා තමාගේ හෘද සාක්ෂිය දන්නා බවත් එය තවත් කෙනෙකුට ඔප්පු කර පෙන්වීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඩේවිඩ් හුවින් ඩෙයිල් මේල් පුවත්පතත් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේ දී කියා සිටියා.

මොහු විසින් කියන ලද තොරතුරු එක්රැස් කරමින් ඉදිරියේ දී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට අමෙරිකාවේ සමාගමක් ඉදිරිපත් වී ඇති බවද ඩෙයිල් මේල් පුවත්පතේ වාර්තාවේ සඳහන්.