Friday, April 19, 2024

General line - 0115112241

ක්වීන් එලිසබෙත්  නෞකාවේ කාන්දුවක් - සෑම පැයකදීම ජලය ලීටර 200ක් කාන්දු වෙනවා 




අලුතින් ම දියත් කරන ලද එක්සත් රාජධානියේ නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාවෙහි මුද්‍රා තැබීමේ දෝෂයක් හේතුවෙන් කාන්දුවක් මතුවී ඇති බව බීබීසී වාර්තා කර තිබෙනවා.

එලිසබෙත් මහ රැජින විසින් මේ මස මුලදී පොර්ට්ස්මත් හි දී අධිකාරී ගැන්වූ මෙම නෞකාවේ අවරපෙති සහිත දණ්ඩක දෝෂයක් මතුව ඇති බවයි එහි සඳහන් වන්නේ.

පවුම් බිලියන 3.1 ක වියදමින් තනන ලද නෞකාවේ මතුවූ දෝෂය හඳුනා ගැනුනේ එය මුහුදේ පරීක්ෂණ සඳහා යාත්‍රා කෙරුණු අවස්ථාවේදීයි.

නැව අලුත්වැඩියාවකට යොමු කිරීමට නියමිත වුව ද ලබන වසර මුලදී යොදාගෙන ඇති යාත්‍රා කිරීමට එයින් බාධාවක් නොවන බව රාජකීය නාවික හමුදාවේ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

සන් පුවත්පත වාර්තා කළ පරිදි හටගත් දෝෂය හේතුවෙන් සෑම පැයකදීම එච්එම්එස් ක්වීන් එලිසබෙත් නෞකාව තුළට මුහුදු ජලය ලීටර 200 දක්වා වූ ප්‍රමාණයක් ගලා එනු ලබනවා.

මේ ගැටලුව, රාජකීය නාවික හමුදාව "අතිශය අපහසුතාවට" පත්කරන්නක් බවයි බීබීසී ආරක්ෂක වාර්තාකරු ජොනතන් බීල් සඳහන් කර ඇත්තේ.