Thursday, April 25, 2024

General line - 0115112241

අද තරගයේදී ඉන්දීය පිළේ වෙනසක්

තරංග රුක්ෂාන් ජයසේකර - අන්තර්ජාලය ඇසුරෙන්




ශ‍්‍රී ලංකාව සමග අද (20) පැවැත්වෙන පන්දුවාර 20 පළමු ක‍්‍රිකට් තරගයේදී නවක ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය කණ්ඩායමේ අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා.

ජේදව් උනඞ්කාට්, මොහොමඩ් සිරාජ්, බැසිල් තම්පි ඒ අතරින් ප‍්‍රධානයි.

ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයින් වන විරාත් කෝලි, ශිකර් ධවාන් සහ බුවනේෂ්වර් කුමාර් අද තරගයට සහභාගී වන්නේ නැහැ. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි පැවසෙන්නේ.

ආබාධයකට ලක්ව යළි ශ‍්‍රී ලංකා සංචිතයට එක්වූ කුසල් ජනිත් පෙරේරා ද අද තරගයට එක්වනු ඇති බවට වාර්තා පළ වනවා. 

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රී 7.00ට ආරම්භ කිරීමට නියමිතයි.