Friday, March 29, 2024

General line - 0115112241

අතුරුදන් වූ සබ්මැරීනයක සුන්බුන් ඕස්ට්‍රේලියාවට හමුවෙයි (PHOTOS)




වසර 103කට පසු ඕස්ටේ‍්‍රලියාවේ පළමු නාවික සබ්මැරීනයේ සුන්බුන් සොයාගෙන තිබෙනවා.

ඒ, පැපුවා නිව්ගිනියාවට අයත් ඩියුක් ඔෆ් යෝර්ක් දූපත් ආසන්න මුහුදු පතුලේ තිබියදියි.

1914 වසරේ පළමු ලෝක යුද්ධ සමයේදී ‘‘එච් මාස් ඒ ඊ 01‘‘ නැමැති මෙම සබ්මැරීනය අතුරුදන් වී තිබෙනවා.

එම යාත‍්‍රාව සොයා මෙහෙයුම් ගණනාවක් සිදු කෙරුණු අතර ඒ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි වුණේ නැහැ.

යාත‍්‍රාවේ සුන්බුන් සොයා ගෙන ඇත්තේ ඒ සම්බන්ධයෙන්  සෙවීම් සිදු කළ 13 වන මෙහෙයුමේදියි. මෙය ඔස්ටේ‍්‍රලියානු නාවික ඉතිහාසයේ වැදගත් සිදුවිම්වලින් එකක් වන බවයි එරට ආරක්ෂක අමාත්‍ය මරිසි පේන් ප‍්‍රකාශ කර ඇත්තේ.