Friday, April 19, 2024

General line - 0115112241

පොලිසියත් පරිගණක ඉංජිනේරුවොත් ඇවිත් 'coss lanka' ආයතනය පරීක්ෂා කරලා කිව්ව දේ




තමන්ට එරෙහිව ඇතැමුන් එල්ල කළ චෝදනා අසත්‍ය බව මේ වනවිට පැහැදිලි වී ඇතැයි කොස් ලංකා පුද්ගලික සමාගම පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොස් ලංකා පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ රොහාන් ජී. රුබේරා මේ බව පැහැදිළි කළා.

එහිදී සඳහන් කෙරුණේ "නොවැම්බර් මාසේ 21 වැනිදා අපේ ආයතනයට කොල්ලුපිටියේ පොලිසියත්.. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු අංශයේ නිලධාරීනුත්..විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීනුත් පැමිණියා. ඔවුන් කිව්වා එයාලට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා කියලා..අපේ ආයතනය ගැන.. අපි ශිෂ්‍යන් පිටරට යවන මුවාවෙන් ව්‍යාජ ලේඛන සකස් කරලා තරුණයින්ව රැකියා සඳහා රට යවනවයි කියලා.. අපි සියලුම ලිපි ලේඛන පරීක්ෂා කරන්න සහය දුන්නා.. අවුරුදු 7ක් 8ක් පරණ ලිපි පවා පරීක්ෂා කළා. ඒ පරීක්ෂා කිරීම්වලින් පස්සේ ඔවුන් ප්‍රකාශ කළා අපි නීත්‍යානුකූලවම මේ ආයතනය පවත්වාගෙන යනවයි කියලා." යනුවෙනි.