Thursday, March 28, 2024

General line - 0115112241

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසලානය දැක බලා ගැනීමේ පළමු අවස්ථාව ලාංකිකයින්ට




ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසලානය මෙරට කී‍්‍රඩාලෝලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාවක් හිමිව තිබෙනවා. රටවල් 54 ක සංචාරය කෙරෙන පාපන්දු ලෝක කුසලානය ප‍්‍රථමවරට ප‍්‍රදර්ශනය කිරීම සදහා තෝරාගෙන ඇත්තේ ශී‍්‍ර ලංකාවයි.

ලබන ජනවාරි 23 වනදා ලෝක පාපන්දු කුසලානය ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට නියමිත අතර  ඒ පිළිබදව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් විසින් අද (21) දැනුවත් කළා. ඒ, ජනාධිපති නිල නිවසේදීයි.

ජනවාරි මස 24 වනදා බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ මහජන ප‍්‍රදර්ශනයට තැබෙන පාපන්දු ලෝක කුසලානය එදින පස්වරුවේ මාලදිවයින කරා රැගෙන යාමට නියමිතයි.