Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවට 88 ජයක්(UPDATE)




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස අද (22) පැවැති තරගය ලකුණු 88 න් ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනනවා.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 260ක් රැස් කළා.

අද (22) තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ජයග්‍රාහි ඉළක්කය හඹා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 2ක් අවසානයේ සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 172ක් රැස් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් පෙරේරා ලකුණු 77ක් රැස් කළ අතර තරගාවලිය 2 - 0 ලෙස ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.

----------------------

ලෝක වාර්තාවක් සම කළ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා (22-12-2017 20:33)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට න්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

අද (22) තරගයේදී ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පන්දුවාර 20 තරගයකදී රැස්කළ වේගවත්ම ශතකයට හිමි ලෝක වාර්තාව සම කළා.

ඒ අනුව රෝහිත් ශර්මා සිය ශතකය වාර්තා කළේ පන්දු 35යි.

මිට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු ඩේවිඩ් මිලර් පන්දු 35කදී ශතකයක් ලබාගෙන වේගවත්ම පන්දුවාර 20 ශතකයට හිමිකම් පෑවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දක්ෂ ප්‍රහාරයක් දියත් කළ රෝහිත් ශර්මා දැවී ගියේ ලකුණු 118ක් ලබා ගෙන සිටියදීයි.

ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 10ක් ඇතුළත් වුණා.

----------------

දෙවන 20/20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (22-12-2017 18:33)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව  අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාමය සමත් වුණා.

, අනුව ශ්‍රී ලංකා කණ්ඩාමය මුලින් පන්දු රැකීමට තීරණය කළා.

පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස සැලකෙන ඉන්දෝර්හි - හොල්කාර් ක්‍රීඩාංගනයේදී අද (22) තරගය පැවැත්වෙනවා.

හොල්කාර් ක්‍රීඩාංගනයේදී ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

අද (22) තරගය සඳහා සධීර සමරවික්‍රම සහ චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටිනවා.

පළමු තරගයට ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු සහ දසුන් ශානක අද (22) තරගයට එක්වන්නේ නැහැ.

-----------------

20/20 දෙවැනි තරගය අද (22-12-2017 07:41)

ඉන්දු - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය අද (22) පැවැත්වෙනවා. ඒ, ඉන්දියාවේ ඉන්දෝර්හි කොල්කා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.

දෙපිළ අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය ඉන්දියාව ජය ගත්තා. මෙම තරගාවලිය තරග 3 කින් සමන්විතයි. අද තරගය ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 7.30 ට පමණ ආරම්භ වනවා.