Friday, March 29, 2024

General line - 0115112241

කොදෙව්වන් දැවැන්ත පරාජයක් ලබයි




නවසීලන්තය සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 204 ක දැවැන්ත පරාජයක් අත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 325 ක්. හෙන්ඩි‍්‍ර නිකලස් පන්දු 62 කදී ලකුණු 83 යි. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 28 කදි ලකුණු 121 කට දැවී ගියා. ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 34 කට කඩුලූ 7 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තා. තරගය පැවැත්වුණේ ක‍්‍රයිස්චර්ච්හිදීයි.