Thursday, March 28, 2024

General line - 0115112241

ශර්මාගේ ප්‍රහාරයෙන් වාර්තා කිහිපයක් උපදී

සමන්ත කුමාර/ කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදී ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා වාර්තා කළ ශතකය හේතුවෙන් තවත් වාර්තා කිහිපයක් බිහි වී තිබෙනවා. ඒ අනුව කිසියම් කණ්ඩායමකට එරෙහිව පැවති එක් තරගාවලියක ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස යන තරග කාණ්ඩ තුනේදීම ශතක වාර්තා කළ පළමු කී‍්‍රඩකයා ලෙසයි රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වන්නේ.

එමෙන්ම ඉන්දීය පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයකදි වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. රෝහිත් ශර්මා මෙම තරගයේ පන්දු 43 කදී ලකුණු 118 ක් වාර්තා කළා. ඒ, හයේ පහර 10 ක් සහ හතරේ පහර 12 ක් ද සමගයි. ඔහු ශතකය වාර්තා කළේ පන්දු 35කදීයි. එය විස්ස විස්ස තරග ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාවද සම කිරීමක්.

දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ඬේවිඞ් මිලර් එම වාර්තාව පිහිටුවා තිබුණා.