Thursday, April 25, 2024

General line - 0115112241

අයි.එස් බලකොටු බිඳ දමමින් ඉරාකයේ නත්තල් සැමරුම

මොසුල් ටයිම්ස් ඇසුරෙන්




ඉරාකයේ වසර කිහිපයකට පසු අද (25) ඉතාමත් උත්කර්ෂවත් අන්දමින නත්තල සැමරනු ලබනවා.

ඒ එරට තුල මුල් බැස සිටින අයි.එස් සංවිධානයේ බලය ව්‍යර්ථ කිරිමට පසුගිය දා කටයුතු ඉරාක හමුදාව සමත්විම හේතුවෙන් බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අයි.එස් පාලනයට ඉරාකය නතුව තිබිය දී එහි ක්‍රිස්තියානි ආගමික කටයුතු ප්‍රසිද්ධියේ සිදුකිරිම භායානක කාර්යයක් වුණා.

එවැනි පසුබිමක නත්තල සැමරීමට කටයුතු කළ අය මරා දැමීමට පවා අයි.එස් සංවිධානය ක්‍රියා කළා.

ඉරාකයේ ජීවත් වන ක්‍රිස්තියානි ආගමිකයන් ඉස්ලාමීය ආගම වැළඳා ගත යුතු බවයි අයි.එස් සංවිධානය නියෝග කර තිබුණේ.

ක්‍රිස්තියානි ආගමිකයන් අයි.එස් සංවිධානයට දෛනික බදු ගෙවිය යුතු වනවා.

එසේ නොකරන්නේ නම් ඔවුන්ට අත්වන ඉරණම මරණයයි.

ඊට එරෙහිව ක්‍රියාත්මක විය නොහැකි ක්‍රිස්තියානි ආගමිකයන් රැසක් ඉරාකය අතැර පලාගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉරාක හමුදාව පසුගිය ජුලි මාසයේ දී මොසුල් අගනුවර අයි.එස් ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් අනතුරුව එම සංවිධාය විශාල පසුබෑමකට ලක්වුණා.

ඉරාකයේ සිට රුසියානු හමුදාව සහ අමෙරිකානු හමුදාව ගුවන් ප්‍රහාර ද එල්ල කරනු ලැබුවේ අයි.එස් සංවිධානය බලය බිඳ දැමීමටයි.

ඉස්ලාමීය රාජ්‍ය යනුවෙන් තමන්ව හඳුන්වා ගන්නා අයි.එස් සංවිධානය වසර 3ට අධික කාලයක් ඉරාකයේ බලය අත්පත් කරගෙන සිටියා.

මෙවර මොසුල් සෙයින්ට් පෝල් දේවස්ථානයේ නත්තල් උත්සවය පැවති අතර 2014 වසරෙන් පසු උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා.

ඉරාකයේ යළි ක්‍රිස්තියානි ආගමිකයන් සිය ආගමික කටයුතු ගැටළුවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පසු බිම උදා වේවා යනුවෙන් මෙවර නත්තල් දේව මෙහෙය පවත්වමින් කතෝලික පියතුමන් ආශිර්වාද කළ බවයි විදෙස් වාර්තා පැවසුවේ.

මෙම දේව මෙහෙය අවසන් වන තුරු මොසුල් සෙයින්ට් පෝල් දේවස්ථානය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබු බවද සඳහන්.