Wednesday, April 24, 2024

General line - 0115112241

රජිව් ගාන්ධිව LTTE ය ඝාතනය කළ හැටි චිත්‍රපටයකින් පෙන්වන්න සූදානම් - LTTE ය ක්‍රමයෙන් ශක්තිමත් වූ හැටිත් චිත්‍රපටයෙන්

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි එල්. ටී. ටී. ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කිරීමේ සිද්ධිය චිත‍්‍රපටයකට නැගීමට කොලිවුඞ් සිනමාකරුවෙකු සුදානම් වනවා.

ඒ, සමාජ ගැටළු සහ කතාබහට ලක්වූ සත්‍ය සිද්ධීන් ඇසුරෙන් නිර්මාණ කිරීමට වැඩි නැඹුරවක් දක්වන සිනමාකරුවෙකු ලෙස ප‍්‍රකට ඒ. එම්. ආර්. රමේෂ් විසින්.

මෙම චිත‍්‍රපටය සඳහා ශී‍්‍ර ලංකාවේද දර්ශන තල යොදාගනු ඇතැයි සඳහන්. 

එල්. ටී. ටී. ඊ. ය ක‍්‍රමයෙන් ශක්තිමත් වූ ආකාරය සහ එහි ප‍්‍රභාකරන්ගේ භූමිකාව පිළිබඳවද චිත‍්‍රපට නිර්මාණය කිරීමට ඒ. එම්. ආර්. රමේෂ්ගේ අවධානය යොමුව ඇතැයි ඉන්දීය වාර්තා පවසනවා.

හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි එල්. ටී .ටී. ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කිරීමේ සිද්ධිය ඇසුරෙන් නිර්මාණ කෙරෙන චිත‍්‍රපටය එහි පළමු වැන්න බවටයි මත පළවන්නේ.

මෙම චිත‍්‍රපටය කර්ණාටක, හින්දි, ඉංගී‍්‍රසි, තමල්නාඩු දෙමළ සහ ශී‍්‍ර ලංකාවේ භාවිත දෙමළ හුරුවට යනාදී වශයෙන් භාෂා කිහිපයකින් හඩ කැවීමටද කටයුතු කෙරෙනු ඇතැයි ඉන්දීය වාර්තා කියාසිටියා.

කෙසේවෙතත් මෙම චිත‍්‍රපටය සිනමා ශාලාවලදි නොව අන්තර්ජලයේ එළිදැක්වීමට අදහස් කරන බවයි ඒ. එම්. ආර්. රමේෂ් ප‍්‍රකාශ කර ඇත්තේ.  

ඔහු විසින් සත්‍ය සිද්ධීන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු චිත‍්‍රපට කිහිපයක්ම ඉකුත් සමයේ වාරණයට ලක්වීම ඊට හේතුව විය හැකි බවට අදහස් පළ වනවා.