Thursday, March 28, 2024

General line - 0115112241

දෙනෝදහකගේ නෙතු කඳුළින් තෙත් කළ අඳුරු මතකයේ රූ සටහන් (PHOTOS/VIDEO)




අදින් 13න් වසරකට පෙරාතුව මෙරට ඉතිහාසයේ සිදුවූ බරපතලම ඛේදවාචකය හෙවත් සුනාමි ඛේදවාචකය පැය දෙක තුනක් තුළ සිදුවූයේ බාල තරුණ මහළු 35322ක් බිලිගනිමින් 516,150 දෙනකු අවතැන් කරමින්ය.

ලොව බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස සටහන් වන, දුම්රිය මගීන් 1,700කට මරු කැඳවමින් පෑරලියේදී දුම්රියක් බිහිසුණු අනතුරකට ලක්වන්නේද සුනාමි රළට හසුවීමෙන්ය. 

ඇතැම් පුවල්වල ඉතිරිවූයේ එක් අයෙකු පමණකි. අතුරුදන්ව මිනිස් ජාවාරමට හසුවූ දරුවන් දහස් ගණනක්ද වේ. 

ගාලු බස්නැවතුමේ සිටියදී සුනාමියට හසුව ගසාගෙන ගිය තරුණියකගේ ගෙළ බැඳි මාලයක් කඩා ගන්නා අයුරු සටහන්ව ඇති වීඩියෝව ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරාම අපකීර්තිමත් ලෙස සටහන් කරන්නට හේතු වූ කාරනාවක් විය. අදටත් එම වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය පවත්වාගෙන යන වෙබ් අඩිවිවල දැකගත හැකිය.

ඡායාරූප මුහුණු පොතෙනි