Wednesday, April 24, 2024

General line - 0115112241

රැකියා ගැටලු විසඳන්න පුළුවන් ක්‍රමයක් කියයි



මෙරට අධ්‍යාපන ක‍්‍රමයේ පවතින ගැටලු විසඳන තුරු රැකියා පිළිබඳ පවතින ගැටලුවලට විසඳුම් නොලැබෙන බව නායකත්ව පුහුණු උපදේශක සහ මනෝ චිකිත්සක උදයා දේවමුල්ල පවසනවා.

ඊයේ (26) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ව්‍යවසායකත්වය නංවාලීම යන තේමාව මෙහිදී සාකච්ඡාවට ගැණුනා. පවතින අධ්‍යාපන ක‍්‍රමවේදය හේතුවෙන් මතුවන ගැටලූවලට වගකිව යුත්තේ වත්මන් පරපුර නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

තවද රුසියාව ශ‍්‍රී ලංකාවේ තේවලට පනවා තිබූ තහනමට හේතුව මෙරට රාජ්‍ය ව්‍යවසායකත්වයේ ගැටලුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. නිසි සැළසුමක් තිබුණේ නම් ඇස්බැස්ටස් තහනම රුසියාවේ බලපෑමකින් තොරව ක‍්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

(ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පුර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)