Friday, March 29, 2024

General line - 0115112241

මාළු ආදායම මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




යුරෝපා සංගමය විසින් එම සංගමයට අයත් රටවලට මෙරට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබු තහනම ඉවත් කරන ලද්දේ ඉකුත් 2016 ජුනි මස 22 දිනයි. 

එතෙක් 2015 ජනවාරි සිට වසර එකහමාරක කාලයක් තහනම බලපැවැත්වු අතර, එමගින් රුපියල් කෝටි 1800ක පාඩුවක් අප රටට සිදුවූ බවයි ගණන් බලා ඇත්තේ.

නමුත් වර්තමාන රජය යුරෝපා සංගමය සමග කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් 2016 වසරේ ජුනි මාසයේ දී යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරනු ලැබුවා.

එතැන් සිට නැවතත් යුරෝපා සංගමයට අයත් රටවලට මෙරට මසුන් අපනයනය කිරීම ඇරඹුනු අතර 2017 අවසන් වන විට එහි කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී තිබුණා.

ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මෙරටින් යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කරන ලද මසුන් ප්‍රනමාණය මෙට්‍රික් ටොන් 18,262ක්. එහි සමස්ත වටිනාකම රු. මිලියන 28,685ක්.

පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව ගත් කළ අපනයන ප්‍රමාණය සියයට 45.9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර අපනයන ආදායමේ  වර්ධනය සියයට 47.7ක්.