Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවේ වාර්තාගත හිම පතනයක් (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




නත්තල් සමයේ අමෙරිකාවේ සිදුවූ හිම පතනය නව වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, ඉතිහාසයේ වැඩිම හිම පතනය සිදුවූ නත්තල් සමය ලෙසටයි.

අමෙරිකාවේ පෙන්සෙල්වේනියා ප‍්‍රාන්තයේ පමණක් අඟල් 58.5ක් උසට හිම පතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

නත්තල් දිනයේදී අඟල් 34ක් උසටත් ඊයේ (26) දිනයේ අඟල් 19ක් උසටත් හිම පතනය සිදුව තිබෙනවා.

පෙන්සෙල්වේනියා ප‍්‍රාන්තය තුල ඉතිහාසයේ වැඩිම හිම පතනය වාර්තා වී ඇත්තේ 1958 නත්තල් සමයේදීයි. ඒ අඟල් 44ක් උසට හිම පතිත වෙමින්.

මේ දිනවල පවතින අධික හිම පතනය හේතුවෙන් බොහෝ නිවාස, වාහන මෙන්ම ගස් ද සම්පූර්ණයෙන්ම පාහේ හිමෙන් වැසී තිබෙනු දැක ගත හැකියි.

ඇතැම් නගරවලට හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ක්. චිකාගෝ නුවර උෂ්ණත්වයද සෙල්සියස් අංශක ඝෘණ 10ක් දක්වා පහල බැස තිබෙනවා.

ඉදිරි දිනවලදී අමෙරිකාවේ නගර රැසකට දරුණු හිමතනයක් සිදු විය හැකි බවටයි දැනටමත් එරට කාළගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.