Friday, March 29, 2024

General line - 0115112241

මැදුරු හැඩ කරන්න කරන  මහා කුඹුක් සංහාරය! පොලිසියට කලින් ගිය වන සංරක්ෂකයින් අල්ලයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ලග්ගල මඩු මාන ගල්ගේ දේවල රක්ෂිතයේ   මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් ‍ක්‍රිරියාත්මක වන බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන්  කුඹුක් ගස් කපා මන්දිරවල බිමට හා තරප්පු පෙළවල් වලට ඇල්ලීම සඳහා කුබුක් දැව  කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව 28දින ලග්ගල අඩවි වන කාර්යාලය සිදුකළ වැටලීමකදී විශාල කුඹුක් ගස් හතරක් කපා කොටස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ලග්ගල කළුගඟ ජලාශය සඳහා ඉඩම් අත්පත් කරගෙන ඇති ප්‍රදේශවල මේ දිනවල වටිනා ගස් ඉවත් කිරීමේ කටයුතු කොන්තරාත්කරුවන් මගින් සිදු කරමින් පවතින අතර ඒම ප්‍රදේශය තුල  වන සංරක්ෂණ නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශයකි. ගල්ගේ දේවල ඇල මගේ තිබුණු වසර 300ක් 400ක් පමණ පැරණි කුඹුක් ගස් හතරක් මේ අකාරයෙන් කපා කොටස් කරමින් තිබෙනවා.

ලග්ගල ප්‍රාදේශීය සභාව සඳහා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුගේ ඥාතීන් සහ ආධාරකරුවන් පිරිසක් මහා පරිමාණ  ජාවාරම සිදු කරමින් යන බව ලග්ගල පොලීසියට  ලැබුණු තොරතුරක් මත වැටලීමට යද්දි එක වැරම ලග්ගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනෙකු දැව තොගය සමග අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

මේ පිළිබඳව ලග්ගල අඩවි වන කාර්යාලය බීට්ටු වන නිලධාරී ඊ.  එස්. එල්. එදිරිසිංහගෙන් විමසීමේදී කියා සිටියේ දැව ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු හඳුනාගෙන ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු පිළිබඳව තොරතුරක් තමන් වෙත ලැබි නොමැති බව හෙතෙම සඳහන් කළේ ය. සැකකරුවන් දෙදෙනා නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස්දහසක ශරීර ඇප දෙකක් මත මුදාහැරී බව  ඔහු සඳහන්  කළා.

 

මෙම දැව තොගය තවමත් ගණන් බලා නොමැති බවත් ප්‍රදේශයේ දැව ඉවත් කරන කොන්තරත් කරුවෙකුගේ යන්ත්‍ර  සූත්‍ර යොදාගෙන ජාවාරම්කරුවන් විසින් කපා දමා ඇති විශාල කුඹුක් කඳන් හා තරප්පු පෙළවල් වලට ඇල්ලීම සඳහා කොටස් කර තිබූ කුඹුක් දැව  එක් ස්ථානයකට ඒකරාශි කිරීමේ කටයුතු ලග්ගල වන සංරක්ෂණ නිලධාරීන්ගේ මැදිහත්වීම සුදු කෙරුණා.

මේ පිළිබඳව ලග්ගල පොලිසියේ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පොලීසියට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමට යද්දි වන සංරක්ෂණ නිලධාරීන් වැටලීම සිදුකරන තිබූ නිසා එහි නීතිමය කටයුතු ඔවුන්ට භාර දී පොලීසිය පැමිණි බවය.