Thursday, April 25, 2024

General line - 0115112241

හතුරුසිංහ වැඩ අරඹන්න එද්දී 'ලංකාවේ ටීම් එකේ හැසිරීම ගැන' දන්නවා ද ?

සඳුන් සූරියවැව 




චන්දික හතුරුසිංහ ඊයේ (28) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය පුහුණුකිරීම් පළමුවරට පැවැත්වූ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද නැවුම් උද්වේගයකින් එක්ව සිටි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ක්‍රීඩකයන් උද්වේගයකින් එහිදී පුහුණුවීම්වල නිරත වූ බවයි ඉන් වැඩි දුරටත් සඳහන් වුණේ.

අංශ හතරක්‌ යටතේ පුහුණුව ඇරැඹු චන්දික හතුරුසිංහ,දඟ පන්දු යවන්නන් පිතිකරණයේ නියැලෙන ආකාරය  සහ වේග පන්දු යවන්නන්ගේ පුහුණුව පිළිබඳව වැඩි අවදානයක් යොමු කර තිබෙනවා.

ක්‍රීඩකයන් සමග හොඳ සන්නිවේදනයක්‌ ඉක්‌මනින් ඇති කර ගත යුතු බව ඔහු එහිදී සඳහන් කර තිබුණා.