Thursday, April 25, 2024

General line - 0115112241

කොදෙව්වන් පරදවමින් 20/ 20  ජය නවසීලන්තයට




සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු 20යි 20 තරගය ලකුණු 47කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (29) සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලූ 7ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

ග්ලේන් පිලිප්ස් ලකුණු 55යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19කදී සියලූ දෙනා දැවී ලබා ගැනිමට හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

දෙරට අතර දෙවන 20යි 20 තරගය එළඹෙන ජනවාරි පළමුවනදා පැවැත්වීමට නියමිතයි.

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට තරගාවලියද 3ට බින්දුවක් ලෙස ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.