Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාව චීනයට ඇඟිල්ල දිගු කරයි

බී.බී.සී ඇසුරෙන්




එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක නොතකා උතුරු කොරියාවට ඉන්ධන සැපයිමට චිනය කටයුතු කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා එල්ල කරනවා.

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙල නතර කිරීමට ඇති අවස්ථාව මෙමගින් අහිමි වන බවටයි අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කර ඇත්තේ.

දකුණු කොරියාව ද චීනයට මෙවැනිම චෝදනාවක් එල්ල කර තිබුණා.

කෙසේවෙතත් චීනය ප්‍රකාශ කර ඇත්තේ සම්බාධක ඉක්මවා යමින් උතුරු කොරියාවට ඉන්ධන සැපයීමක් සිදු කර  නොමැති බවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව උතුරු කොරියාව වෙත කෙරෙන ඉන්ධන සැපයුම සියයට 90කින් කපා හැරීමටයි ජගත් ආරක්ෂක මණ්ඩලය පසුගියදා තීරණය කළේ.