Thursday, April 25, 2024

General line - 0115112241

කාසල්රී ජලාශයේ කාන්තා මළ සිරුරක් - රෝගයක් නිසා සියදිවි නසාගෙන ලු (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කාසල්රි ජලාශයේ පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (30) උදෑසන සොයා ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. 

කාසල්රි ජලාශයේ කාසල්රිවත්ත ප‍්‍රදේශයෙනුයි මෙම මළ සිරුර හමු වී ඇත්තේ. 

මළ සිරුර කාසල්රිවත්තේ පදිංචි සුන්දර්ලිංගම් සිවකුමාරි තිස් හැවිරිදි දෙදරු මවගේ බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඇයගේ බවට හදුනාගෙන ඇති පාවහන් ද ජලාශය අසළ තිබී සොයා ගැනුනා.

ඇය ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවක් බවත් ඇය අසනීප තත්ත්වය හේතුවෙන් මෙලෙස ඇයගේ මවගේ නිවසට පැමිණි අවස්ථාවේදී ජලාශයට පැන සියදිවි හානි කරගන්නට ඇති බවද පොලිසිය සැක කරනවා.