Saturday, April 20, 2024

General line - 0115112241

2018 වසරේ සිට ලියාපදිංචිය අවලංගු කෙරෙන වාහන මෙන්න




අඛණ්ඩව වසර 5 ක් ආදායම් බලපත‍්‍රය ලබාගෙන නොමැති වාහන ලියාපදිංචිය අවලංගු කිරීම ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පැවසුවේ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

මේ අතර මෙම වසරේ වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්‍ෂව පනස් දහසකින් පමණ අඩු වී ඇති බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

ඔහු පැවසුවේ මෙම වසර තුළ ලියාපදිංචි කර ඇති මුළු වාහන ගණන හාර ලක්‍ෂ හතලිස් අට දහස් හයසිය විසි පහක් වන බවයි.

ඒ අතරින් සියයට 76 ක් යතුරුපැදි වන බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.