Friday, April 26, 2024

General line - 0115112241

රජිනි කාන්ත් ගත් තීරණාත්මක තීන්දුවෙන් පසු රසිකයින් වීථි බසී




ඉන්දීය දමිළ සිනමාවේ ජනප්‍රියතම චරිතයක් වන රජිනි ඛාන්ත් තීරණාත්මක තීන්දුවක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව ඔහු දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

චෙන්නායි නුවරදීයි ඔහු මේ බව නිවේදනය කර තිබෙනවා. ඊට පෙර ඔහු පසුගිය දින 6 මුළුල්ලේ තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක 18 ක සැරිසරමින් සිය රසිකයන් මුණ ගැසුණු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අද සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග රජිනි ඛාන්ගේ රසිකයන් මාර්ග පුරා සැරිසරමින් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින බවයි ඉන්දීය පුවත් සේවාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.