Wednesday, April 24, 2024

General line - 0115112241

ඉඩම් දී හමුදාව යයි (PHOTOS)

දිනසේන රතුගමගේ




යුද හමුදාව විසින් ගත වූ කාලයේදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉදිකරන ලද සියළුම ගොඩනැගිලි එහි වැසියන්ට ප්‍රයෝජනයට ගත හැකි අන්දමට ඉතිරි කොට එම පළාතෙන් මුළුමනින්ම අද (31) ඉවත්ව ගොස් තිබෙනවා.

යුද සමයේදී ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් යුද හමුදාව මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් හා සීනිමෝට්ටෙයි යන පළාත්වල ඉඩම් අක්කර 132 ක් ප්‍රයෝජනයට ගෙන සිටියා.

එම ඉඩම්ද පසුගියදා මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් වෙත බාර දී මෙම ඉවත්ව යෑම සිදු කළා.

යුද හමුදාවට මෙම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායකයින් බල කොට සිටි අතර ගම්වැසියන් යුද හමුදාව රැඳි සිටීමට එරෙහිව දින 300 ක් අඛණ්ඩ විරෝධතාවයකද නිරතව සිටියා.

යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් යළි පදිංචි කරවීමේ කටයුතු මුලතිව් දිසාපති කාර්යාලය මගින් දැන් ආරම්භ කොට තිබෙනවා.