Thursday, April 18, 2024

General line - 0115112241

අපි අලියගේ පිටේ ඉඳන් අපට ඕන දේ කළා..අද අලියගේ වලිගයේ එල්ලිලා දේශපාලනය කරන අයට කිසිවක් කරගන්න බෑ




වත්මන් හැටන් නගරය මත්ද්‍රව්‍යවල අගනුවර ලෙස පත්ව ඇති බව හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් පවසනවා.

පෙර හැටන්  කියු සැණින් එහි ඇති ගණදෙවි කෝවිලය හා හයිලන්ඩ් විද්‍යාලය සිහියට නැඟුණ ද අද මත්ද්‍රව්‍යවල අගනුවර ලෙස මෙම නගරය හැඳින් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමන් විසින් යෝජිත ඉන්දීය නිවාස යෝජනා ක්‍රමය ඇතැම් පාර්ශ්ව විසින් සොරකම් කරගෙන ඇති බවයි අද (31) නගරයේ පැවති ජන හමුවකදී හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ තමන් ද එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කළ බවත් එම අවස්ථාවේ දී තමන් අලියාගේ පිට නැඟ තමන්ට අවශ්‍ය විදිහට අලියාගේ මග සැකසු බවයි.

නමුත් වර්තමානයේ අලියා සමග එක්ව සිටින පිරිස අලියාගේ වලිගය එල්ලී දේශපාලනයේ යෙදී ඇති බවද ඔහු පැවසුවා.