Thursday, April 18, 2024

General line - 0115112241

2018 නව වසර මුලින්ම හිරු උදාව දකින ලොව රටවල් මෙන්න (VIDEO)




තවත් පැය කීපයකින් එළඹෙන 2018 නව වසර පිළිගැනීම සඳහා ලොව පුරා ජනතාව සූදානමින් සිටිනවා.

බොහෝ රටවල ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් නව වසරට පිය නැගීම සඳහා බලා සිටින බවයි  ලොව රටවලින් වාර්තා වන්නේ.

බටහිර ශාන්තිකර සාගරයේ පිහිටි සමෝවා (Samoa) දිවයිනේ ජනතාවයි 2018 නව වසරේ ලොව පළමු හිරු උදාව දකින්නේ.

  සමඟ ශාන්තිකර පාගරයේ 'කිරිබති' දූපත් වාසීන්ද නව වසර පිළිගනු ඇති.

ඉන් පැය තුනකට පසුවයි ඔස්ට්රේලියාවේ සිඩ්නි නගරයේ ජනතාව 2018 පළමු හිරු උදාව දකින්නේ.

මෙවර ඔස්ට්රේලියාව නව වසර පිළිගනු ලබන්නේ දේදුනු වර්ණයෙන් නිල් අහස අලංකාර කරන ගිනිකෙළි ජාලාවකින් බවයි එරට වාර්තා පැවසුවේ.

එම හෝරාවේ නව වසර එළඹෙන නවසීලන්ත ජනතාවත් 2018 උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට සූදානම් බව සඳහන්.

සිංගපූර් වැසියන් අලංකාර ආලෝක දහරා සහ ජල තාල තරංග ධ්‍යයේ නව වසරේ අසිරිය විඳ ගැනීමට බලා සිටිනවා.

නව වසර පිළිගැනීමට ජර්මනිය සූදානම් වෙමින් සිටින්නේ විශේෂ ආරක්ෂක රැකවරණ සහිතවයි.

මෙයින් වසර දෙකකට පෙර නව අවුරුදු උදාවේ 'කොලෝන්' නගරය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් යළි ඇතිවීම වළක්වා ලීමේ අරමුණින් ජර්මන් බලධාරීහු විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ආරක්ෂක කලාප වෙන් කිරීම ඇතුළුව දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මහා දේශයක් වන රුසියාවේ එක්තරා කලාපයක් 2018 වසර පළමුවෙන් දකින ජනයා අතරට එක්වනවා.