Wednesday, April 24, 2024

General line - 0115112241

සෑම අපේක්ෂකයෙකුටම ජනපති රතු එළි දල්වයි




ඉදිරියේදී පළාත් පාලන ආයතනවලට තේරී පත්වන නව සභාපතිවරුන්ට සහ මන්ත‍්‍රීවරුන්ට වංචා, දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වයට තමන්ගෙන් කිසිදු ඉඩක් නොලැබෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 
කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද එලෙස හැසිරෙන සියලූ දෙනා වෙනුවෙන් නීතිය ක‍්‍රියාත්මක කර ඉහළම ද`ඩුවම් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 
ඒ, පොළොන්නරුව සිරිපුර ප‍්‍රදේශයේ අද  (31) පැවති ජන හමුවක් අමතමින්. 
ඉකුත් ආණ්ඩුව සමයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ හැසිරීම සහ එම ආයතන අගතිය කරා ගමන් කිරීමට ඉවහල් වූ හේතු ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා.
පළාත් පාලන ආයතනවලට පමණක් නොව ඉන් ඉහළ සියලූ අංශවලට ඉදිරියේ දී නීතියේ ආධිපත්‍ය තුළ කටයුතු කිරීමට සිදුවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.