Saturday, April 20, 2024

General line - 0115112241

අයිතීන් ආරක්ෂා කර ගන්න කාන්තාවන් UNPට ඡන්දය දෙන්න

රංජිත් රාජපක්ෂ - හැටන්




එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී කාන්තා නියෝජනය තවදුරටත් වැඩි කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නුවරඑළියේ අද (31) පැවති ජන හමුවක් අමතමින්. 


ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට කාන්තාවන් සිය ඡන්දය ලබාදිය යුත්තේ තමන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී කායි සිටියේ.


ඉදිරියේ දී නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන නගර කිහිපයක්ම සංචාරක පුරවරයන් බවට පත්කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.