Friday, March 29, 2024

General line - 0115112241

නීති විරෝධී ගුවන් විදුලි නාලිකාවක වෙච්ච දේ

හර්ෂිකා සංජීවනී




බලපත‍්‍ර රහිතව දැරණියගල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගුවන් විදුලි නාලිකාවක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් වටලනු ලැබ තිබෙනවා. 
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිවයි. මෙම වැටලීමේ දී පුද්ගලයින් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
එමෙන්ම එහි තිබූ සන්නිවේදන උපකරණ තොගයක් ද විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්. 
විදුලි සංදේශ නියාමන පනත අනුව තරංග විමෝචන උපකරණ බලපත‍්‍ර රහිතව භාවිත කිරීම ද`ඩුවම් ලැබිය හැකි වරදක්.